FM අකුරින් ලියූ PDF, Word (.docx) හෝ text ගොනු යුනිකෝඩ් බවට හරවා, තිර කියවනයකට (screen reader) කියවිය හැකි පෙළක් ලබා ගන්න.
මෙම මෙවලමේ අරමුණ
FM අකුරු (FM Abhaya වැනි) භාවිතයෙන් සකසන ලද ලේඛන තුළ ඇත්තේ සිංහල අකුරු නොව, ඉංග්රීසි අක්ෂර වේ — ඒවා සිංහල ලෙස පෙනෙන්නේ FM ෆොන්ට් එක ස්ථාපනය කර ඇත්නම් පමණි. එම නිසා තිර කියවන මෘදුකාංග (screen readers) වලට ඒවා කියවිය නොහැක. මෙම මෙවලම එම අකුරු සැබෑ සිංහල යුනිකෝඩ් බවට හරවයි.
මෙහිදී ලබාදෙන්නේ සිංහල පරිවර්තනය පමණයි
වගු (tables), රූප සටහන් සහ පිටු සැකැස්ම තුළ ඇති අකුරු ද පිටපත් වී පැමිණේ. නමුත් ඒවායේ ෆෝමැට් එක නොහැදේ — තීරු, පේළි, බෙදුම් සහ රූප ස්ථානගත කිරීම් ආපසු ලැබෙන්නේ නැත.
ලේඛනය නැවත පිළිවෙලට සකස් කර ගැනීමට Microsoft Word, Google Docs හෝ LibreOffice වැනි මෘදුකාංගයක් භාවිතා කරන්න. පහතින් .docx ලෙස බාගෙන එහි විවෘත කර ගත හැක.
• ගොනුව ඔබගේ උපාංගය තුළම පරිවර්තනය වේ — කිසිදු සේවාදායකයකට යවන්නේ නැත.
• ස්කෑන් කළ (පින්තූර පමණක් ඇති) PDF වල කියවිය හැකි පෙළක් නැත. එවැනි ගොනු මෙම මෙවලමින් පරිවර්තනය කළ නොහැක.
• ලොකු පොතක් පරිවර්තනය වීමට විනාඩියක් පමණ ගත විය හැක.